Followers

Tuesday, June 15, 2021

මිතුරු ඇරයුම..

  මිතුරු ඇරයුම...


ළයට තුරුළුව විහග ගී ඇසු 

කාලයේ සුව ඉපිලෙනා

 දෙහද අතරේ ආලයේ බිජු 

එමට වපුරා පැල වෙනා 

අහස මෙන් පිබිදෙනා හිරු රැස 

සමග දෙකුපුල් සිඹිමිනා 

උණුහුමේ රැඳි සිසිල විඳිනට 

දිවා රෑ සිත ඉපදුනා...


රැයට සඳ මෙන් ලොවට සිසිලස 

බෙදා දෙන්නට මතුදිනේ 

ඇඟිලි අතරේ මුදුව රඳවා 

කඩදාසි උඩ දිවුරුවේ 

කුතුහලෙන් පිරි දින ගෙවී දැන් 

දවස තිස්සේ කියවුණේ 

අහෝ දුක දැක, දැකම 

මා ඇයි මෙලෙස දිවියට කොටු වුණේ...


 ළයේ තුරුලක් විඳපු දවසක් 

මතකයේ නෑ රැදවිලා  

අතින් පිඬු කර බත් කටක් දුන් 

දිනක් නම් නෑ සිහිවෙලා 

දොරේ අගුලුවා අරින තෙක් ඉවසුමක් 

නැති වූ උන්දැලා 

නැවත අගුළුව දමන්නේ හිස් අතින් 

කුලගෙට ගිනිතියා...


 මිතුරු ඇරයුම පද බඳින්නට 

දොරගුලේ  යතුරින් කියා 

ලොවම අඳුරින් විවර දොරටුව 

අගුළුලා දැන් ඔහු ගියා 

වචන පබඳින විටෙක ගීයක 

අරුත මා සිත යාවෙලා 

මෙසේ කියනට කාලයක් මා 

හොරකමින් හොරකම් කළා...