Followers

Friday, August 13, 2021

ඇඳි සිතුවම




 නිසල රැයක ඔය තුරුලේ සැතපෙන්න 

කවුළුව හැර තබමි ඔබ මෙහි පැමිණෙන්න

 දෙතොලට දෙතොල තබනට ප්‍රථමව ඔන්න 

වචන දෙකක් මුමුණන්නට ඉඩදෙන්න 


ඇඳි සිතුවම ම හිස් වෙනවා වගේ දැනුනා 

මවුපිය සෙනෙහසින් මට නුඹ වැට බැඳුනා 

සිත තුල මෝදු වූ පෙම්සුව තනි කෙරුණා 

නුඹ නැති දාක මම තනියම මෙහි රැඳුනා 


දුර අහසේ පායන සඳ සිතට ලගයි 

මගේ සිතට සඳ මෙන් නුඹ බොහොම ලඟයි 

ආලය ලඟදි නුඹෙ සෙනෙහස දයාබරයි 

අඳුර සමග නුඹෙ තුරුලම ප්‍රියංකරයි....

ශ්‍රද්ධාව



 ශ්‍රද්ධාවට දැම්ම 

මල්මාල  ගෙල වට නොව සැරසුවේ 

කතා කරන පින්තූර රාමුවක්....

නිහඩ ආදරය...




 හුදකලා නිම්නයක 

වැතිරෙන්නට පාර සොයනා 

මිනිසුන්ට 

ඉවක්බවක්  පෙන්වන 

නිහඩ ආදරය...

කරුණාව මැද දයාව තවරන 

සුන්දර මිතුදම 

සතුන්  ඇරෙන්නට වෙන නම් කා ළඟද...

Wednesday, August 11, 2021

 අයිතිය මුල් අයිතිකරු සතුයි...










Tuesday, August 10, 2021

  ජීවිතයේ ඉම................


 

ජීවිතයේ ඉම....

පෙනෙන මායිමක් කොතනද 

අනිත් එවුන් එකා පිට එකා

 ඉටිකොළ  උඩ පැක් වෙන්නේ කේක් වගේ

 පෝරණව  ළග අළු වෙන්නට සූදානම්

  ඉවසුම් නොදෙන හදවත 

රිදුම්න් කිරි ගසන හඬ  

අසා එන්නට නොහැකිව 

කනට ඇබ ගසා ගත් 

ලොකු පුටුවල වැජබෙන සක්‍ර දෙවිදුනි 

බලාපන්...

 ගෞරවාන්විත අවසානයකට 

යන්නට ඉඩ දීපන්....

මේ එතෙන මිනිස් ජීවිත...

 එතෙන, වෙලෙන , ගැටෙන, වැටෙන, මිනිස් හදවත

 දීපන් හදවතට සහනයක්

 නිදහසේ  වැලලෙන්නටවත් 

එක එකාගේ පදයට කේක් වගේ පැක් නොවී

 නිදහසේ

 වාතලයට හුස්ම මුසුකොට 

ගෞරවාන්විත අවසානයකට 

යන්නට ඉඩ දීපන්....

Sunday, August 8, 2021

දිරන බව

 

 දිරන බව 





දිරන බවදැන දැනත් 

එකිනෙකා වෙන වෙනම

 ගස් බූටි ගසා

 වට්ටි පිටින්  

සිද්ධාර්ථයන් එපා යයි අස්කර දැමූ

 ලෞකික සැපත ලෝකෝත්තර සැපතට 

ඇමිණීමට උත්සාහ කරන 

අමු සිංහල බෞද්ධයින්...

 කියන්නේ කුමක්ද........................


 බෝ ගහේ අතු 

එකිනෙක 

වැලිමළුව සිප ගන්නේ කොඩිවල බරෙන්  

 පටිමා ගෙය සුවඳ දුමින් පිරී ඉතිරෙන්නේ

 එකිනෙකා මිටි ගණනින් තනි තනිව  දැල් වූ 

සුවඳ දුමින්......


 බුදුන් වහන්සේ කෙසේනම් 

නිදහසේ ආස්වාස ප්‍රාස්වාස කරන්නද 

අමු බෞද්ධයෝ

 කරන්නේ කුමක්ද...................


 සංසාර ගමන 

කෙටිකර ගන්නට 

අත්හැර දැමූ මාර්ගය දිගේ  

හැති අරිමින් දිවිමය

පෙමට කොයින්ද සීමා

  පෙමට කොයින්ද සීමා 




හුදකලාවේ බිතු අතර

 තෙරපෙන්නට 

ඉඩදෙන්න...

 මෝදුවන සඳට

 කොඳුරන්නට ඉඩදෙන්න...

 සිහින් විහඟ සත්සරයට

 මැදි වන්නට

 ඉඩ දෙන්න...

 මුහුදේ රළ අතර 

සත්සර මුසුවී ඈත පෙන පිඩුවක් ව

 ඈත අහසේ

 වළාකුළු මත රටා මවන්නට 

ඉඩදෙන්න...

 පිපෙන පුෂ්පයන් මත

 සුවඳ තවරන්නට...

 ඉගිලෙන සමනලුන්ට

 පැනි බොන්නට...

 මල නොතලා මලේ සුවඳ විඳගන්නට 

ලොවට ඉඩදෙන්න...

 ඉතිං කොහෙද පෙමට බාධා....

Saturday, August 7, 2021

හදවතට

 හදවතට


භික්ෂුව හා ගිහියා අතර වෙනස අපැහැදිළි බවට පත් වෙමින් තිබෙන මෙවැනි යුගයක භික්ෂූන් ද දැඩි මතධාරී වූ ද ඇතැම් විට ප්‍රචණ්ඩ වූ ද දේශපාලන කටයුතු වල නිරත වෙතැයි සිතිය හැකිය. ජවිපෙ ඇතුළුව සෑම දේශපාලන පක්ෂයකටම අයත් භික්ෂූන් සිටින හෙයින් ඔවුන් බුදුන්ගේ පණිවුඩයට නොව එම දේශපාලන පණිවුඩයන්ට ප්‍රතිචාර දක්වන අයුරු දැක්ක හැකිය. ඒ කෙසේ වුවද සංසන්දනාත්මකව බලන කල බෞද්ධයන්ගේ හැසිරීම එතරම් නරක නැත. ජාතිකවාදී භික්ෂූන් හා ගිහියන් දේශපාලනමය ඝෝෂාවන්හි යෙදී සිටියත් ඔවුන් අද දින ඉන්දියාවේ සිටින තාපස භටයන් තරම් ප්‍රචණ්ඩ හෝ ගුජරාතයේ මිනීමරු ජන පිරිස් හෝ තරම් තත්ත්වයකට පත් වී නැත. මුස්ලිමුන්ගේ ජීහඩ් දර්ශනයේ ආභාශය ලැබූ අය සංඛ්‍යාවෙන් ඉතා ස්වල්පය. මව්බිම වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් නිවන් යනවා යැයි කියන්නේ එකම එක භික්ෂුවක් විසින් පමණි. භික්ෂූන්ගේ ජාතිභේදවාදී අදහස් දමිළයන් අන්තවාදීන් වීමට වත්මන් යුද්ධය දිගින් දිගටම පැවතීමටත් තරමක් දුරට හේතුභූත වූ නමුත් ඔවුන්ගේ වත්මන් ප්‍රතිචාරයන් තනිව ගෙන නොව එලිටීටීඊය විසින් සිදුකර ඇති අපරාධ පසුබිමේ තබා බැලිය යුතු වේ. වන්දනාවේ යමින් සිටි භික්ෂූන් හා සාමණේරයන් ඝාතනය, සිවිල් වැසියන් වෙත එල්ල කළ ප්‍රහාර, මෑතකදී මහනුවර දළදා මාළිගාවට පහර දීම ආදී ප්‍රකෝපකාරී සිද්ධි රාශියක් එල්ටීටීඊය සිදු කළහ. මේ කෙසේ වුවත් “බෞද්ධයන්” ලෙස මනුෂ්‍යයන්ගේ දුක්විඳීම් ගැන කම්පා වනවා නම් භික්ෂූන් හා ගිහි බෞද්ධයන් දැන් සිදුවන සාම ක්‍රියාවලියට විරුද්ධ නොවිය යුතුය. ප්‍රධාන පෙළේ භික්ෂූන් බොහෝ දෙනෙකු සාම ක්‍රියාවලිය අනුමත කරමින් එය අත්හදා බලන්නට කැමැති වී තිබීම වාසනාවකි. ජවිපෙ, සිහල උරුමය සහ තවත් සංවිධාන කිහිපයකට සම්බන්ධ තරුණ භික්ෂූහු මීට විරුද්ධ වී සිටිති.

වත්මන් තත්ත්වය ගැන මගේ සිතේ තිබුණු බරකින් ඉහත අයුරින් නිදහස් වී මා සාකච්ඡා කරන්නට යන පූර්ව යටත් විජිත යුගයේ ජාතික භාවය හා අනන්‍යතාව වෙතට දැන් යොමු වෙමි.

නූතන සංකල්ප භාවිතයෙන් තොරව බෞද්ධ “කුමක් හෝ” සංකල්පනය කර ගැනීම

මුලදී යටත් විජිත යුගයට පෙර ශ්‍රී ලංකාවේ පැවැති තතත්ත්වය නිරූපණය කිරීම සඳහා “ජාතිය” “ජාතික රාජ්‍යය” හෝ “රාජ්‍යය” යන කිසිදු වචනයක් භාවිතයෙන් වැළකී සිටීමට කැමැත්තෙමි. යුරෝපීය චින්තනයෙන් ලබා ගත් මේ වචන යොදනු වෙනුවට “බෞද්ධ කුමක් හෝ” යන්න තාවකාලිකව යොදා ගනිමින් එම පූර්ව යටත් විජිත යුගයේ පැවැති තත්ත්වය පිළිබඳ යථාභූත තොරතුරු පමණක් සපයනු කැමැත්තෙමි. එදා පැවැති තත්ත්වය අනුව ශ්‍රී ලංකා රාජත්වය තුළ ස්වාධිපත්‍ය පිළිබඳ අදහස පැහැදිළිවම පිළිගෙන තිබුණු බව පෙනේ. (මෙතැනදී මුල් ඉංග්‍රීසි පිටපතේ පහත සඳහන් වාක්‍යය සිංහල පරිවර්තනයෙන් මඟ හැරී ගොස් තිබේ . It was an ideological construct, a fiction, though a very significant one. එය මතවාදී නිර්මිතයක්, ප්‍රබන්ධයක් නමුත් ඉතා වැදගත් එකක් වීය.) කලින් කල තැනින් තැන පැන නැගුණු කුඩා රාජධානිවල (12 වන සියවසින් පසු යාපනේ රාජධානිය වැනි) රජවරු පවා තම අණසක පවත්වාගෙන සිටියේ ඒ කුඩා පෙදෙසේ පමණක් වුවත් තමන් මුළු ලංකාවටම අධිපති යැයි කියාගෙන උන්හ. යථාර්ථයෙන් ඒ ප්‍රාදේශීය රජුන් තමා රජ කළ පෙදෙසේ ස්වාධීනත්වය තහවුරු කරගෙන සිටියේ සංකල්පීය වශයෙන් අධිපතිභාවය උරුම වී ඇතැයි සැලකුණු රාජධාණිය කෙරේ ගරුසරු දැක්වූ අතරතුර ය. පුරාණ හා මධ්‍යකාලීක යුගයන්හි වැඩිපුර කලක් රුහුණේ යථාර්ථයෙන් තිබුණේ ස්වාධීන රාජ්‍යයකි. එය “රජරට” (ස්වාධිපත්‍යයේ උරුමය රැඳී පැවැති හෙයින් එම නම දැරූ) අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ පැවැති රාජධානිවල ප්‍රතිබිම්භයක් විය. 15 වන සියවසින් පසුව මහනුවර රජවරු ප්‍රාදේශීය පරිපාලකයන් පත් කිරීම පහකිරීම වැනි බලතල ක්‍රියාත්මක කරමින් තම රාජ්‍යයේ අණසක පතුරවාගෙන සිටියහ. මේ අයුරින් කලින් කල දිවයිනේ පැන නැගුණු රාජධානි ව්‍යූහමය වශයෙන් අසමාන වුවත් සංකල්පමය වශයෙන් ඒකාබද්ධ බෞද්ධ “කුමක් හෝ” යැයි සැලකී තිබුණි. විටින් විට සම්පාදනය වූ මහාවංශයේ කොටස් තුළ ප්‍රායෝගික ව මුළු රට එක් සේසත් කල ලෙස හඳුනාගෙන ඇත්තේ දුට්ඨ ගාමිණී (ක්‍රි.පූ. 161-137) පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1070-1110) පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) සහ, අවසාන වශයෙන්, සයවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1411-1461) යන රජවරුන්ය. එහෙයින් ඉතිහාසයේ වැඩිපුර කලක් රාජ්‍ය මධ්‍යස්ථානය අස්ථාවරව පැවතුණි. එහෙත් එම බෞද්ධ “කුමක හෝ” නීත්‍යානුසාරීව මුළු දිවයිනටම අණසක පැවැත්වීමේ අයිතිය පිළිබඳ අදහස දිගින් දිගටම පැවැත ආවේය. විවිධ වශයෙන් කැබලි වී පැවැති “රාජ්‍යය” සමතික්‍රමණය කළා වූ මතවාදීමය ඒකාබද්ධතාව ‍ගොඩනැගී තිබුණේ කෙසේද යන්න දැන් විස්තර කරනු කැමැත්තෙමි. බෞද්ධ ජන සංකල්පණය තුළ එම මතවාදීමය ඒකාබද්ධතාව නිර්මාණය ‍කොට ප්‍රකාශ වූයේ කෙසේද?

1. හයවන සියවසේ රචිත මහාවංශයේ පළමු කොටසට අනුව බුදුරදහු මේ දිවයිනට තෙවරක් අහසින් වැඩියාහු මෙහි සිටි යක්ෂයන් ගිරිදීපයට පළවා හැර උතුරේ වාසය කළ නාගයන් අතර වූ දබරයක් සංසිඳවා ඔවුන් සිය දහමට හරවා ගත්හ. පසුව ශුද්ධ භූමි බවට පත් වූ කැළණිය, මහියංගනය හා සුමනකූටය යන තැන් බුදුන් වැඩි තැන් වේ. මේ ගැන විවාදයක් ඇත්තේ කලාතුරකිනි. මේ ගමන්වල අරුත පැහැදිළිය. දිවයින දුෂ්ට වූ යක්ෂයන්ගෙන් මුදාගෙන යහපත් වූ නාගයන් සම්‍යක් දෘෂ්ටියට හරවා තිබේ. බුදු පහසින් පරිශුද්ධ වූ ස්ථාන අතර සිරිපතුල පිහිටුවන ලද සුමනකූටය අතිශයෙන්ම වැදගත් වූ වන්දනා ස්ථානය බවට පත් වූවකි. බුදුරදුන්ගේ ගමන් මගින් අනාගතයේ බුදුසමය සුප්‍රතිෂ්ඨිත වන මේ ලංකා භූමිය අභිෂේක කලාක් වැන්න. සිංහලයන්ගේ ආදි පුරුෂයා වන විජයගේ ආගමනය සඳහා දිවයින සූදානම් කර තැබුණි‍‍.

2. විජය (ජයග්‍රහනය) කුමරු වනාහි තම පියා මරා සොහොයුරිය විවාහ කරගත් උතුරු ඉන්දියාවේ සිංහපුර රාජධානියේ රජ කළ රජුගේ දෙටු පුත් ය. දාමරික පිළිවෙත් නිසා ඔහු හා හත්සීයක් පිරිවර නැවක දමා පිටුවහල් කරනු ලදුව බුදුරදුන් පිරිනිවන් පානා දිනයේ දිවයිනට පැමිණෙති. ආධ්‍යාත්මික ලෝකයේ ජයග්‍රාහකයා (ජින) බුදුන් වන්නා සේ ගෙහසික ලෝකයේ ජයග්‍රාහකයා විජය වේ. පළමු වන බෞද්ධ රාජ්‍යයේ ආරම්භකයාට “විජය” නාමය දිවයිනේ පළමු ඉතිහාස ග්‍රන්ථය වන දීපවංශයේ ද පසුව මහාවංශයේ ද දීමට එක් හේතුවක් එයයි. ශ්‍රී ලංකාවෙත් පිටත ලියවුනු සෑම කෘතියකම පාහේ ඔහු හැඳින් වී ඇත්තේ “සිංහල” යන නමිනි. විජය ආරක්ෂා කරන ලෙස බුදුහු ශක්‍රයාට භාර කළහ. ශක්‍රයා එය විෂ්ණු (උපුල්වන්) වෙත භාර කරන ලදින් ඔහු දිවයිනේ ආරක්ෂක දෙවියෙක් ද බෝධිසත්වයෙක්ද බවට පත් වුණි. විජය පළමුව කුවේණී නම් යකිණිය විවාහ කරගෙන පසුව ඇය අතහැර දැමීය. එම විවාහයේ දරුවන්ගෙන් වැද්දෝ ඇති වූහ. පසුව විජය දක්ෂිණ (දමිළ රටේ) මධුරාපුරයෙන් (කෘෂ්ණගේ වාස භූමිය වූ උත්තර මධුරාවෙන් වෙනස්) රජ කුමරියක අභිෂේක කළත් දරුපල නැති බැවින් රජකම සඳහා ඔහු ඇවෑමෙන් මල් සුමිත්ත කුමරු පුත් පඬුවස්දෙව් සිංහ පුරයෙන් ගෙන්වා ගැනුණි.

Friday, August 6, 2021

පින්තූර කොටුව

        හදවතට කතා කරන, හදවත විනිවිද යන අරගල බිමේ පින්තූර කොටුවක්. අනාගතයට ලොවක් තනන්නට බිළිදියනට සුරැකි හෙටක් තනන්නට ඔබ මහා පවුරකි... දෑත් බැඳි යදමේ නුඹ මහා පුරුකකි...



යන්න පෙරට පුතුනේ

යන්න පෙරට පුතුනේ




පා සලඹ කෝ පා යුග්මයේ අද

රඟහල වී දැන් අඳුරින් අඳුරට

රජ වෙන්නට ඔටුනක් හිස මැදි කර

සිහින දකින් පුතුනේ

අඬ සඳ මෝරන මැදියම් අහසින්

එළිය කරන් පුන් සඳිනේ


වැව් ඉස්මත්තේ කෙකා නගන සුදු

කොක්කු රෑන් ඉගිලී යන්නේ

නිලට නිලේ තඳ ඇඳුමින් සැරසී

වන දෙව්ලිය ආසිරි දෙන්නේ


දෙරණ පලා රතු කැට මතුවන්නට

දූවිලි රණබරණින් සැරසෙයි

දහඩිය විලවුන් සේ නුඹ පසුපස

අසිරි පතා පවනට එක්වෙයි


සිරිදෙව්ලිය මඟ එළි කරවයි

වන දෙව්ලිය පවනින් සනහයි

ගිරි දෙව්ලිය දිවි මඟ පෙන්වයි

මිහි දෙව්ලිය නුඹ රජ කරවයි...

යන්න පෙරට පුතුනේ

ගොස් රට භාර ගන්න පුතුනේ...

කොටස් වෙළදාම (Part deal )

 කොටස් වෙළදාම

(Part deal )



වම් පැත්තේ ඇති වූ කොරයක්

නිසා වැන්දා                  දෙවියෙක්

චැනල් කරන්න             දෙදාහයි

බෙහෙත්වලට               පන්දාහයි


ගියා                    මහරෝහලට

පෝළිම          දිගයි පාරට

දුන්න තුන්ඩු                කෑල්ලට

ක්ලිනික් වැටුණේ        අනිද්දට


ආපහු ගමට             ගොස්

එන්න බෑ නෑ බස්

අමාරුව වී            උස්

ඇදන් වැටුණා බිමට දඩොස්


ඇටන්ඩන්     අයියා

ටෙලිය දක්කන්       ආවා

වෙදා ළඟට               කැඳවා

මෙන්න මෙහෙම     කීවා


මෙයා මගේ          හිතවතෙක් 

මාමගේ                          පුතෙක්

කරන්න                        උදව්වක්

පව්නෙ මිනිහ               ලෙඩෙක්


ටෙලියට           අතාරින්න

පෙරින් දුන්න           මොණරිය

කතා කළා හරි                 අපූරුවට

වෙදා ඉදිරියේ                   හිටගෙන


වකුගඩු නරක්       වෙලා

දැන් කල් ගත      වෙලා

එකක් බද්ධ             කරලා

ඉන්න පුළුවන් සුවෙන්   වසලා


සල්ලි වියදම්           වෙනවා

ලක්ෂ හත අටක්    යනවා

මෙහෙනම් වෙලා            යනවා

සෙන්ටරේනම් කලින්    වෙනවා


පාර්ට් .             විකුණනවා

මෙහෙට දෙන්නත්         එනවා

මොණරු මිටියක්         දෙනවා

ලෙඩේ එතනින්ම හොඳ    වෙනවා



වකුගඩු දෙක විතරක්මැයි බද්ධ      කරන්නේ

වෙන මොනවගෙ අවයවදැයි ඕනේ කරන්නේ

අනේ මහත්තයෝ මගේ අවයව         ගන්නේ

ඒවායේ වටිනාකම ගෙදරට              දෙන්නේ



ගන්න අපේ දේ

 බෝවන රෝග නැත්නම් වසංගත තත්ත්වයන් පැතිර යනවිට ඒවායින් ආරක්ෂාවීමට අපේ පැරැන්නන් අනුගමනය කළේ මොනවගේ උපාය මාර්ගයන්ද ?. දුම් ඇල්ලීම ඉන් ප්‍රධානයි.



දුම් ඇල්ලීම මගින් විෂබීජහරණය


පැරැන්නන් තමන්ගේ නිවස වගේම සේවා ස්ථානයටත් දුම් අල්ලන්න පුරුදු වෙලා හිටියා. ශාක හෝ සාම්බ්‍රානි කුඩු මේ සඳහා යොදාගන්නවා. මෙහිදී යොදාගන්නා ශාක පත්‍ර වෙන්නේ කොහොඹ,දෙහි, පාවට්ටා, කැප්පෙටියා, නික, ආඩතෝඩා ආදියයි. කොහොඹ කොළ දුමායනයෙන් ආසාධනය ඇතිකළ හැකි ක්ෂුද්‍රජීවීන් විනාශ කරදැමීම සිද්ධ වෙනවා. ඒවගේම මැසි, මදුරු උවදුරත් නැතිවෙනවා.


ඒවගේම සෙම්ප්‍රතිශ්‍යාව, තද හිසරදය, උණ හා කැස්ස වගේ ලෙඩරෝග වැළඳුණු විටදීත් විවිධ ශාක පත්‍ර භාජනයකට ගෙන ජලය සමග රත්කරලා එහි වාෂ්පය ආශ්වාස ප්‍රශ්වාස කරනවා. මෙමගින් සිද්ධවෙන්නේ ශ්වසන පද්ධතියේ ඇතිවන අපහසුතාව මඟහරවා හුස්ම ගැනීම පහසු කිරීමයි.


නික කොළ මේ වගේ අවස්ථාවලදී බහුලව යොදාගත්තා. නික කොළ මිටක් අරගෙන වතුරට දමා හොඳින් තම්බාගන්නවා. දුම්දමනකොට රෙද්දක් පොරවා ගෙන විනාඩි පහක්, හයක් පමණ කාලයක් දුම් අල්ලනවා. මෙමගින් නාසයේ උඩ  පරානාසික කුහරපිටුපස විෂබීජ රැඳී තිබෙනවා  නම් ඒවා විනාශ කිරීම සිද්ධවෙනවා.


කොරෝනා විෂබීජත් දින 3ක් හෝ 4ක් අපේ  නාසයේ  පරානාසිකකුහර පිටුපස සැඟවී පැවතිය හැකි බව දැන් හඳුනාගෙන තියෙනවා. නික කොළ වැනි දුම් ඇල්ලීම ඊට හොඳම විසඳුමක් වෙනවා.


රෝගියෙකු සිටින නිවසක් බව පෙන්වීම


දෙවියන්ගේ ලෙඩ නැත්නම් කිළි රෝගයන් විදියට නම් කෙරෙන සරම්ප, කම්මුල්ගාය, පැපොල වගේ වෛරස් රෝග වැළඳුණු විටදී කොහොඹ කොළ අත්තක් එල්ලා තැබීමත් පැරැන්නන් අනුගමනය කරපු තවත් ක්‍රමවේදයක්. මෙමගින් සංකේතවත් කෙරෙන්නේ තමන්ගේ නිවසේ රෝගියෙකු සිටින බවයි. මෙවැනි රෝගීන් ඉන්න ගෙවල් වලට ගොස් එන අය තමන්ගේ නිවසට ඇතුල්වෙන්න කලින් ශාක යුෂ අන්තර්ගත උණු වතුරෙන් ස්නානය කර පිරිසිදු වෙනවා.


ශාක අත්ත එල්ලා තැබීම මගින් විෂබීජ ඇතුළුවීමක් සිදුනොවෙන අතර තවදුරටත් ඒ ස්ථානයේ විෂබීජ පැතිරීමක් සිදුනොවන බව විශ්වාස කෙරෙනවා.


ස්වයං නිරෝධායනය


දෙවියන්ගේ ලෙඩ වැළඳුණු පිරිස් අවම වශයෙන් සතියක කාලයක් වත් නිවසටම වී කල්ගෙවනවා. පැපොල, ඇස්ලෙඩ, කම්මුල්ගාය හා සරම්ප වැනි රෝග වැළඳුණාම සතියක කාලයක් නිවසටම වී කල්ගෙවන්න පැරැන්නන් වගබලා ගත්තා. මෙමගින් ඒ රෝගය වෙනත් කෙනෙකුට පැතිරීම වැළැක්වීම සිදුවුණා. වැදගත්ම දේ මෙවැනි වැළඳී සුවවූ විට පවා ඒ පුද්ගලයින් සමාජය තුළ ගැවසෙන කාලය අඩු කර එය වසංගතයක් වීම වළක්වා ගැනීමයි. ඒ වගේම එවැනි රෝගීන් සිටින පවුලේ උදවියත් ස්වයං නිරෝධායනයට ලක්වුණා. ඔවුන් වැවේ මංකඩ, ළිඳ වැනි පොදු ස්ථාන වල ගැවසුණේ නැහැ.


දෙයියන්ගේ ලෙඩ හා තහංචි


පැපොල, සරම්ප, ඇස් ලෙඩ හා කම්මුල්ගාය දෙයියන්ගේ ලෙඩ නමින් අතීතයේ හැඳින්වුණා. මෙම රෝග වැළඳුණු විට මුලින්ම සිදුකරන්නේ නිවස තුළම රෝගියාව වෙන් කිරීමයි. නිවස තුළ පවුලෙන් වෙන් කිරීම වගේම නිවස සහිත පවුල සමාජයෙන් වෙන් කිරීම සිදුවුණා.


නිවසේ ප්‍රධාන කොටස් සමග කිසිම සම්බන්ධයක් නැති කාමරයක තමයි මේ රෝගියාව තිබ්බේ.


කො‍හොඹ කොළ ඇතුරුමක් මත රෝගියාට නිදාගැනීමට සැලැස්වීම, කාමරය දින කීපයකට වරක් කහ දිය ඉස විෂබීජහරණය කිරීමත් සිදුවුණා. මේ කාමරයේ උළුවස්සේ පවා කොහොඹ කොළ එල්ලනවා. රෝගියාගේ කෝප්පය, පිඟාන පවා වෙන්කර වෙනම වැසිකිළි පහසුකම් සැපයීමත් සිදුවුණා.


මෙම රෝග වැළඳී දවස් 14ක් ගතවී ගියාට පස්සේ රෝගියාව නැහැවීම සිද්ධවෙනවා. නිවසේ ඈත වෙනම අතුපැලක් ඒ සඳහා හදනවා . ප්‍රතිශක්තිය වඩන පැඟිරි කොළ, කොහොඹ කොළ වැනි දෑ මේ වතුරට එකතු කරනවා. එතෙක් රෝගියා ඇඳසිටි රෙදි පුළුස්සා දමනවා.


සාමාන්‍යයෙන්, දෙයියන්ගේ ලෙඩ දවස් 3, 7 හා 21 පුරාවට පැවතුණා. උදාහරණයක් විදියට ගත්තොත් පැපොල රෝගයවැළඳුණු රෝගියෙකු නහවා පිරිසිදු කරන්නේ දින 14 කට පසුවය. ඉන්පසු එළඹෙන සතියක කාලය රෝගය දැඩිව පැතිරීයාමේ දැඩිඅවධානමක් පවතින නිසා රෝගියා වගේම රෝගී තැනැත්තාගේ පවුලේ පිරිස ද දැඩි නිරෝධායනයට ලක්කෙරුණා.


මේ කාලයේදී රෝගියාට සමහර ආහාර වර්ග අනුභව කිරීම ද තහනම් වුණා. ‘මස්, මාළු‘ වැනි පිලිහුඩු කෑම වගේම කෑමට තෙල්, කහ වැනි දෑ එකතු කළේ නැහැ. මිරිස් හොදි වැනි දෙයක් ආහාරයට ගැනීමට ඉඩ ලබාදුන්නා.


රෝගියාට කණ්ණාඩියෙන් මුහුණ බැලීමත් තහනම් වුණු අතර කණ්ණාඩිය රෙද්දකින් ආවරණය කෙරුණා. මෙහිදී සිද්ධවුණේ මුහුණේ ඇතිවන බුබුළු දකිනවිට තිබෙන බය, අප්‍රසන්න බව, කළකිරීම් සහගත බව වළක්වාගැනීමයි.


දෙයියන්ගේ ලෙඩ ඇති රෝගියෙකු සිටින නිවසකට අවශ්‍ය සියළු දේ අනෙක් ගැමියන් විසින් සැපයීමත් සිද්ධවුණා. රෝගියා සුවපත් වූ විට ගමේ වෙද මහතා, ගුරුන්නාන්සේ හෝ කපුරාළ පැමිණ දෙවියන්ගේ ගුණ සිහිකර මැතිරීම වගේම පඬුරක් ගැට ගැසීමත් සිදුවුණා.


ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ හා ආහාර


ලෙඩරෝග සමග සටන් කර ඊට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිය ලෙස හඳුන්වනවා. අපේ පැරැන්නන් දරුවෙකුගේ උපතේ සිටම ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් දුන්නා. කොරෝනා වසංගත පැතිරී ගියපු මුල් දවස්වලදී පෙරුම්කායම්, වෙනිවැල් හා කොත්තමල්ලි රැල්ලක් පැතිරී ගියා. ඒකට හේතුවුණේ ඒවා අපේ සාම්ප්‍රදායික දැනුම තුළ විශේෂ තැනක් හිමිවන විෂබීජ නසන ඖෂධ වීමයි.


පැරැන්නන් ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් යොමුකළේ දරුවෙකුගේ උපතේ සිටයි.


දරුවෙක් ඉපදිලා මාස කීපයක් ගතවුණාට පස්සේ පෙරුම්කායම් හාවදකහ දරුවන්ගේ සිරුර ස්පර්ශ වන විදියට බැන්ඳේ විෂබීජ වලින් දරුවට එල්ලවන තර්ජන වළක්වන්නයි.


කුඩා දරුවන් වගේම වැඩිහිටියන්ගේ ද ප්‍රතිශක්තිය වර්ධනයට මුල්තැන දෙන්න පැරැන්නන් අමතක කළේ නැහැ.  


කොත්තමල්ලි පානය, සුදුළූණු ව්‍යංජනය හෝ කැඳ, මිංචි කොළ කැඳ හෝ කලවම් පලා, පොළොස් ආහාරයට ගැනීම ද සිරුරේ ප්‍රතිශක්තිය වඩන දිව්‍ය ඖෂධ වුණා.


වෙනිවැල්, ගම්මිරිස්, සූදුරු, මහදුරු, පත්පාඩගම්, දෙහි හා දෙළුම් ද පානයට එක්කර ගැනීම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට යොදාගත්තා. හැකි හැම අවස්ථාවකදීම රතු ළූණු ආහාර වලට එකතු කරගැනීම මගින් දුර්වල වූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරගැනීමට හැකිවුණා. ඉඟුරු දැමූ තේ පානය ද, නෙල්ලි, රසකිඳ, වෙනිවැල්, රණවරා, බෙලිමල් පානය ද ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට මනා පිටුබලයක් වුණා.


අද දවසේදී කොරෝනා වසංගතයට ගොදුරුවී ඉන්න අපිට පැරැන්නන් යොදාගත්තු මේ ක්‍රමවේද නැවත නැවතත් සිහිපත් කරදෙන්නේ මේ වසංගත වළක්වා ගතහැකි සාම්ප්‍රදායික ඥාණය අපි සතුව අතීතයේ ඉඳන්ම පැවතුණු බවයි. එහෙනම් අපිට වැරදුණේ කොතැනද ?.

Thursday, August 5, 2021

ගැමි ආගමට අයත් අභිචාර විධි

 ගැමි ආගමට අයත් අභිචාර විධි 




ගැමි ආගමට අයත් අභිචාර විධි (මන්ත‍්‍ර ගුරුකම්) කෙනෙකුට අනවින කිරීමට පමණක් නොව සෙත් සාන්ති ලැබීමට ද යොදා ගනී. පේ‍්‍රත භූත ආදී අමනුෂ්‍යයන්ගෙන් වන උපද්‍රව වලින් කෙනෙකු ආරක්ෂා කිරීම සඳහා මන්ත‍්‍ර ජපකොට කහ දියරෙහි පො`ගවන ලද නූලක් ගැට ගැසීමේ චාරිත‍්‍රය අද ද ලංකාවේ බහුලව පවතී.   ”පිරිත් පැන් ඉසීම ද පිරිත් නූල් ගැට ගසා ගැනීම ද ගැමි ආගමේ අභිචාර ක‍්‍රමවලට අනුකූලව සාදා ගන්නා ලද බව අනුමාන කළ හැකිය.”” ( සිංහල ගැමි නාටකය 20 පිට)    ගැමි ආගමට අයත් වෙනත් පූජා කර්ම බුදු සමය තුළට වැද්දගන්නා ලද   සැටි ස්පුට කිරීම සඳහා ඔහු තවත් නිදර්ශන ගෙනහැර දක්වන්නේ මෙසේ ය.  ”අවමංගල උත්සවයන්හි භික්ෂූන් වහන්සේ වෙත මතක වස්ත‍්‍ර පූජා කිරීම මෙයින් එකක් යයි හැ‍ෙ`ග්. මේ පූජා කර්මයන්හි දී මිය ගිය තැනැත්තාගේ නෑයෙකු විසින් පැන් වඩන විට භික්ෂූන් වහන්සේ කියන තිරෝකුඞ්ඩ සූත‍්‍රයෙහි මළ ගිය ඇත්තන් පිළිබඳ ගැමි ජන විශ්වාස කීපයක් අනතර්ගත වේ. එහි එක් පාඨයක් මේ චාරිත‍්‍රයේ ප‍්‍රභවය අවබෝධ කර ගැනීමට ඉවහල් වෙතියි පෙනේ . එනම් ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාල කතා තහිං (මෙහි දෙන ලද්දෙන් මිය ගිය අය එහි යැපෙති.)යන්නයි .” (සිංහල ගැමි නාටකය  20 පිට)  ”පේ‍්‍රතයෝ නිතරම කුසගින්නෙන් පෙළෙතියි යන විශ්වාසයෙන් හට ගත් චාරිත‍්‍රයක් වන ඔවුන් වෙත ආහාර පිදීමේ සිරිත ද පසු කාලයක දී ඔවුන්ගේ නාමයෙන් භික්ෂූන් වෙත දන් දීමේ චාරිත‍්‍රයක් වශයෙන් හැඩ ගැසිණැයි නිගමනය කිරීම යුක්ති යුක්ත සේ පෙනේ” . (සිංහල ගැමි නාටකය  20 පිට)  සාමාන්‍ය ජනතාව අතර ගැමි ආගම මුල් බැසගෙන තිබූ නිසා බෞද්ධාගම ඔවුන් අතර ව්‍යාප්ත වීමේදී ඔවුන් දිනා ගැනීම සඳහා බෞද්ධ නොවූ එම චාරිත‍්‍රවලට බෞද්ධ වේශයක් ආරෝපණය කොට සමහරවිට බෞද්ධ චාරිත‍්‍ර හා උත්සව ලෙස සකස් කරගත් අවස්ථා ද ඇත. සමනොළ පර්වතයට අධිගෘහිත සමන්ත භද්‍ර දෙවියා එහි බුදුන්ගේ ශ‍්‍රීපාද ලාංඡුනය ඇතැයි සැලකෙන තැන් සිට එය ආරක්ෂා කරන සමන් දෙවියෙකු බවට පෙරළී පුද පූජා උත්සව සිදු කෙරෙයි. විෂ්ණු නාථ කතරගම හා පත්තිනි නම් හින්දු දෙවිවරුන් වෙත කෙරෙන පූජාවක් ලෙස ඇරඹි මහනුවර පෙරහැරෙහි  ගැමි ආගමික චාරිත‍්‍ර ද අඩංගු වෙයි. පසුව 1775 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ නියෝගයෙන් දන්ත ධාතූන් වහන්සේ ද එක් කරමින් එය දළදා මාලිගාවේ   බෞද්ධ මහෝත්සවයක් බවට සකස් විණි.    අළුත් ආගමක් වෙනත් ආගමක් පවත්නා රටකට ගෙන යන ලද කල්හි ආගම් දෙක අතර කිසියම් රහස් ගිවිසුමක් අනිවාර්යයෙන් ම සිදුවන බව මහාචාර්ය සරත්චන්ද්‍රයන් පවසයි.   සත්‍යවශයෙන් ම  සමස්ත ක‍්‍රියාවලිය තුළ කැපී පෙනෙන ලක්ෂණය නම් (සිංහල) ගැමි ආගමික සමාජය හා බුද්ධාගම රහස් ගිවිසුමක් මත ක‍්‍රියාකාරී වෙමින් එකිනෙක ඌණපූරණය කරගැනීම ය. (සිංහල) ගැමි ආගමික සමාජය බෞද්ධාගම තම දෘෂ්ටිමය ආයතනය ලෙස පිළිගනිමින් ද ඒ  අතර බෞද්ධාගම එම සමාජය මත බලපෑම් සහගත ආයතනික තත්ත්වය තහවුරු කරගනිමින් ද  සිංහල බෞද්ධ රාජ්‍යය නිර්මාණය කරගනී.  එදා ගැමි ආගමට තිබූ තැන බෞද්ධාගම විසින් විස්ථාපනය කර අද  ශ‍්‍රී ලංකාව නිර්මල බුදු දහම රජයන  බුදුන්ගේ දේශය ලෙස මහත් ඉහළට ඔසවා ඇතැයි බෞද්ධයෙකුට අභිමානයක් දැනෙනු ඇත. එහෙත් ඉහත කරුණු ගැඹුරින් සැලකිල්ලට ගන්නේ නම් සිදුවී ඇත්තේ හාත්පසින්ම වෙනත් දෙයකි. බෞද්ධාගම නිරාමිස විමුක්තිය පිළිබඳ සිය ඉගැන්වීම  මතින් ගොඩ නගාගෙන තිබූ ගෞරවනීය අනන්‍යතාවය අහෝසිකර ගනිමින් පුද පූජා උත්සව මංගල්‍ය යන්ත‍්‍ර මංත‍්‍ර ගුරුකම් වෙදකම් නැකත් බැලීම්වලින් ගහන සැබෑම සිංහල ගැමි ආගමික ආයතනයක් බවට පත්වී ඇත. කාලය අනුව නව්‍ය වෙමින් වුව ද ගමන් කරන්නේ ඒ මගෙහි ම ය.          මිථ්‍යා විශ්වාසයන් වුව ද ඒවා මිනිසාගේ ජීවන අරගලය මතින් එනම් ප‍්‍රකෘතිය වෙනස් කිරීමට දරණ උත්සාහයේදී පිළිපන් ඒවා ය. කටුක ප‍්‍රකෘතිය විඳ දරාගැනීමටත් නැතිනම් චමත්කාර බලාපොරොත්තු හඹා යාමටත් ඔහු මෙහෙයවනු ලබන්නේ එම විශ්වාසයන් විසින් ය. ඒ නිසා ඔහු ඒවා සමග  ඇලී ගැලී සිටිමට ආසා කරයි. මිථ්‍යාවට ආදරය කරන තරමට  එසේ ආදරය කිරීමට පොළඹවන තරමට මිනිසා ප‍්‍රකෘතිය අවබෝධ කර ගැනීමට හෝ එය වෙනස් කිරීමට තැත් කරන්නේ නැත.  


Monday, August 2, 2021

සිත නිවන භාවනාවකි..

 සිත නිවන භාවනාවකි..



 සිත නිවන භාවනාවකි..

 සුන්දර මිතුදම

 මිතුරෙකු වාගේ ආදරයක්

 කවරෙකු නම් සංසාරේ පුරාවටම ලබාදේවිද

 වැටෙන හැම වෙලාවක ම 

හදවතට ලං වෙලා 

නැගිටපං කියලා කියන්නේ වෙන කවුරුන්ද 

සරසවි දිවියේ එක්කරගත් මිණි බරණ අතරට 

 අපූරු  මිතුරු කැලක් හමුවූවා...