ආදර - රාගය
රැළි නඟන වැව් ඉමේ සයනයක් වී ඉද
තෙපුල් නලනා පෙම් රසය විදගම් මහද
සිහිල් සුළඟින් බැදි දිවිතෙක්ම ළඟට. හිද
හිත් මඩලේ පායන්න එළිය දී සුපුන් සඳ
මුහුණු පොතෙන් එළිවෙනකන් මැසේජ් කරාවි
රියැක්ට් එකක් සෙන්ඩ් කරලා පෙමක් පුදාවි
නුඹට ආදරය බව “ එල් වයි ” පවසාවි
දැක්ක මූණ සැබෑවටම බලියක් වේවි
රැගෙන මා ඇස කෙනට සුවය විද පසෙකලා
නුඹ ගැනම සිත සිතා සිහිනවල ඇවිදලා
ඇගිලි බිජු අල්ලන්න දහස්වර තෙරපලා
රාගයේ ගිනි දැල්ල නුඹ ළගදි සැගවිලා
හමුවන්නට කෝල් කරලා දිනක් යොදාගෙන
යහළුවෙක්ගෙ මොටෝරියක් ණයට හොයාගෙන
තිබුණු හොඳම ඇඳුම පුරා පුයර හලාගෙන
රූම් එකක් බුක් කෙරුවේ සුවය පතාගෙන

No comments:
Post a Comment