විමලා - මලා
විමලා - මලා
නිල්වන අතර මැද රතැතින් කැලුම් ලන
පියුම් වනය මැද දිලිසෙන කැකුළු මිණ
මත් මුව රජුන් නියපඳුරෙන් සනහලන
මතැත් කුඹින් ගිලිහුණු රත් මැණික නුඹ
මතැත් යුද්හි දළ ගැටෙමින් ගිගුම් ලන
නවසඳ ලපොළ වැතිරී රඟ විදින මන
ගිනිදල සෙයින් රත් වූ රතු මුව කමල
බමර පිය රැවින් සිපගනිමිද කෙලෙස
බමන දවන රවන බඹර රැල මැද්දේ
ලියනගලා මල් සුවඳට හඳ බැන්දේ
රොනට අයිති වූ නුඹෙ පියොවුර මැද්දේ
සිහිල් උතුරු නල පහසක් මා වින්දේ
රතට රත පෙනී දිදුලන නෙතු සඟලේ
දෙබැම අත වනයි අනංග රඟ මැද්දේ
එකෙක් යන විටදි තවකෙකු නුඹ මත්තේ
වැටී දැවටෙමින් ගිජුකම් ඇයි සද්දේ
බාදුරාවියේ ගත සිත ගලක් වෙලා
නිසොල්මනේ ඇයි ඉන්නේ මුවා වෙලා
හඳත් යන්න සූදානම් පමා වෙලා
හිරුට කලින් ගෙට පලයන් මුවා වෙලා
කිරි දරුවට හිමි කිරිටික දං දීලා
දුහුල් සළුව කර වටලා තෙත් වීලා
බමරු විද්ද තොල් පෙති නුඹෙ ඉදිමීලා
පිටිකිරි ටිකක් හදලා දීපන් විමලා
විමලා මලා ලා විකසිත මුව කමල
පිඹලා බලා ලා දීපන් කිරි බඳුන
සිඹලා බලා ලා තොල් පෙති මුදු සුවඳ
ඉවසා වසා ලා ගේ දොර රෑ දෙමැද

No comments:
Post a Comment