රැජිණියයි නුඹ මාගේ ලෝකේ...
ඉණට ඉහලින් මහා ජල කඳ
වටකරන් හැළ හොල්මනේ
නුඹයි දරුගැබ එකට බැඳ ඇති
යදම් පවුරයි මා වුණේ
ගලන ජල කඳ කූඩුවේ මැද
වටකරන් ගෙට ගොඩ වුණේ
නිහඬ දෙතොලින් කුමක්දෝ නුඹ
කියන්නට මට සැරසුණේ...
සීතලේ ගත රුහිරු ඝන වී
දෙනෙත් කඳුලින් තෙත් වුණා
විශාඛාවෝ ඇවිද ගිය ලෙස
කොහෙදෝ නුඹ තනි වුණා
කුසේ දරුවා සීතලේ නුඹෙ
පෙකනි වැලට ම යා වුණා
යමන් සොඳුරියෙ මගේ දෙඅතින්
පෙම් සුවේ සුව ඉපදුණා...
වෙහෙස නොදැනේ නුඹේ තුරුලේ
කිරිසුවඳ මට යා වුණා
මගේ හදවත නුඹේ හදවත සමඟ
එක් වී මිමිනුණා
බේරෙනා දිය පීරි අතුරින් කඳුළු බිඳු
බිම පාවුණා
මගේ පතිනිය මවගෙ කිරුළේ
මගේ දෑතින් රජ වුණා...💕

No comments:
Post a Comment