සසර කතර බව
නොදැන අතරමං ව
ජීවිතයේ මංමුලාව
ඉමක් නොපෙනෙන
ඉම තව දුරය කියා - බඩ පෙනුම් ගහන
ප්‍රේමයේ මිහිරියාව ළයට තදින්
කිටිකිටියේ බැඳගත්
ඒ සෙනෙහස
කෙසේ නම් අත්හරින්න ද?
දෂ්ට මුඛයේ විශ පරයන - මිනිස් හදවත පරයන වේදනාවක ලතෝනිය
ලොවට හඬගා කියන්නට
මම තවම පුංචිය
ඉතින් මට කොහෙන්ද? වචන...
වචන අමුණන උඹලාට මෙන්