Followers

Monday, June 14, 2021

කුවණ්ණා

 කුවණ්ණා...



විජය සමඟ 

අත ගන්නම

උපන් කුමාරි... කුවණ්ණා


යක්ෂ පෙළපත ම

කෙලසූ

විෂ්ණු පැහැය දැරු... කුවණ්ණා


විජය නමින්

බඩේ පැටවු

දෙදෙනෙකු ඉසිලූ... කුවණ්ණා


කාල වර්ණයෙන්

දිලුණේ

නුඔ දමිළ ද කිව... කුවණ්ණා


විජය නිසා පටන් ගත්තු

කියා කියලා පට්ට ගහපු

අපේ වරිගෙ දරුවො තනපු

ගෑනි නුඹයි ලොවම දරපු


යක්ෂ පෙළ පතින් ආවත්

යක්ෂ ගතිය පෙනුනේ නෑ

ප්‍රේමය ඇති තැන ප්‍රේමයේ

රසය නුඹට ලැබුණේ නෑ

ධනය බලය හිමි තැන මිස

රාග සෙනේ රැදුණේ නෑ

මල් පිපුනට මගේ සුවඳ

හැම බඹරම දන්නේ නෑ


No comments: