Followers

Sunday, June 20, 2021

රාධා

 රාධා 




නීල චන්දන හිමව් අභියස

සීත පවනකි මහඳ සනසන

ගීත අතරින් ලපලු හෙවණක

පුන්මදාරාවී


කෝමළී මා දේහිණී

භාෂිණී මන මෝහිණී

දේවිනී සඳ රාජිනී

පුන්මදාරාවී


බමර පිය රැව් තලාවේ

සුපුෂ්පිත වන වෙලාවේ

තාරුකා පෙළ සිනාවේ

සඳට ඔච්චම් කලාවේ

පුන්මදාරාවී


දෑස සනහයි නිදන සුරඹුන්

ඈත සිහිනේ වුණා සළුපිල්

සීත පවනේ සුවඳ තවරා

පුන්මදාරාවී


ගෝගුල් වන මැද

ගෝපි ලියන් සොඳ

කෝපි මලේ සුවඳයි රාධා


මා මුසපත් කළ

සෝබන පුන් සඳ

නුඹයි මගේ 

පෙම්බර රාධා

No comments: