කළුවරට හිමි උසාවිය...
තිත්ත කළුවර දිවග දැවටී
යාන්තම් හඳ නැගෙනකන්...
තරුත් අතරින් කදෝපැණියන්
රඟන රැඟුමන් නරඹමින්...
වළාකුළු නැති හිස් වූ අහසේ
මලානික මල් කඩා හැලුණේ
කඳුළු කැට සිය දහස් ගාණේ
ඇපය කොට රැය වෙතට දුන්නේ
මමයි විනිසුරු
කළුවරට හිමි උසාවියෙ නඩු විමසමින්...
කූඩු අතරට සිරකරන්නට නොහැකි වූ
හදවත තුළින්
මහා රෑ මැද නඩුව අසනා මමයි විනිසුරු
හදවතින්
ගව් ගනන් දුර යන්න පියමැන
සරා සඳ නුඹ නැගීයන්
කූඩු කර හිත
වරද පවරා
ඈත දුරකින් රැදීයන්...
මමයි විනිසුරු
කළුවරට හිමි උසාවියෙ නඩු විමසමින්..

No comments:
Post a Comment