සඳ පින්නෙන් පොළොව තෙතයි පය නොතබා හිටපන්නේ...
අඬ අඳුරට තුරුලු වෙලා
සඳට කතා කියන වළා
පිපුණ නෙළුම් කැකුළු නෙලා
පිණි බිඳු වැල් බිමට සලා...
කලා මැදිරි එළි අවට දිලෙන්නේ
නුඹේ මුහුණ මට යසට පෙනෙන්නේ
සඳ එළියට නොව නිවුණු එළියෙනුයි
නුඹේ වතේ සිරි කදිමෙට වින්දේ...
යමන් "ලතෝ" සෝ ගිනි මැල නිවලා
අඳුරට ඉඩ දී පැදුර එලාළා
හාන්සි වී මගෙ උරයේ වෙලිලා
සඳට හොරෙන් මුව, මුවට තියාලා...
අසනිය මල් පිපී සුවඳ දෙනවා ගේ දොර අයිනේ
පළඟටියෝ ගී කියනව නුඹේ හඬට කන් දෙන්නේ
ඉගේ නෙරය මගේ අතට මිරිකෙන කොට කොදුරන්නේ
සඳ පින්නෙන් පොළොව තෙතයි පය නොතබා හිටපන්නේ...

No comments:
Post a Comment