කොරෝනාවට හේතුව සාහිත්‍යය
මිනිසාගේ මනෝභාවයන් අත්‍යන්තයෙන් ම බැඳී පවතින්නේ සාහිත්‍යයේ අග්ගිසි වෙලා ගනිමින් බවකිවයුතු කරුණක් නොවේ. උපතේ සිට මරණය දක්වා සාහිත්‍ය තම මව් ලෙස සැලකමින් එයට ගරුකිරීමට අතීතයේ ජනතාව වර්තමානයේ පිරිසට වඩා දැඩි උනන්දුවක් දැක්විය. වර්ෂාව බලාපොරොත්තුවෙන් වැහිදාන දීම වැහි පිරිත් කීම අතීතයේ ග්‍රීසියේ නාට්‍ය පෙන්වීමට පිරිස එකතු වූ ආකාරයක් පෙන්නුම් කරමින් සහජීවනය වර්ධනය කරගත්තේය. විවෘත ආර්ථිකයට පින්සිද්ද වන්නට සාහිත්‍යයේ උල්පත් එකින් එක වෙන අතකට හැරෙන්නට විය. විටෙක මේ උල්පත් විවෘත ආර්ථිකයට බියේ සැගවී ගියේය. සමාජ පාලන තන්ත්‍රය දෙස බලන විටදී සමාජයේ පිළිගත් රටාවක් සඳහා සෑම සමාජයක්ම අනුකූලතාවය තහවුරුකරගැනීමට පාලන තන්ත්‍රයක් නිර්මාණය කරගනී.කණ්ඩායමක ජීවත්වන මිනිසුන් වටිනාකම් හා ධර්මතාවයන් අභ්‍යන්තරීකරණය කරගැනීමේ ආකාරයවන සමාජානුයෝජනය තුළින් පාලන තන්ත්‍රය ත්ළට අවතීර්ණ වීමට පටන්ගනී.
සමාජයක පවතින එකමුතුකම සමගිය විදා පැවතීම සඳහා පාලනයක් අවශ්‍යය වෙයි. එහිදී බොහෝකොට සමාජයේ මතුවෙන්නා වූ බොහෝ ගැටලු අවම වී සියල්ලන්ටම සමසේ ජීවත්වීමට පරිසරයක් උදාවෙයි. E.A Ross ගේ Social Control (1901) කෘතිය තුළද මේ අදහස පවතී. එසේම Karl Mannheim පෙන්නාදෙන පරිදි සමාජ පාලනයේ ප්‍රධාන ක්‍රම දෙකක් පවතී. එනම් සෘජු පාලනය හා වක්‍ර පාලනයයි. මෙහි වකු සමාජ පාලනය තුළ ආගම හා සම ස්ථානයක් හිමිකරගන්නේ සංස්කෘතිය හා සාහිත්‍යයයි. මිනිසාගේ පුස් බැදුණු හිස්ගෙඩිවල අපෝකළ යුතු බොහෝ කරුණු සාහිත්‍යය මනාව ඉවත්කළ අයුරු පැරණි ගද්‍ය පද්‍ය ආශ්‍රයෙන් පෙනීයයි.
ජීවත්විය යුතු ආකාරය සමාජ සම්බන්ධතා පැවැත්විය යුතු ආකාරය පරගැති ආකල්ප වටිනාකම් සිරිත් විරිත් මිශ්‍රකරගත යුතු ආකාරය පාලනය කිරීමට සාහාත්‍යයට එදා බලයක් පැවතිණි. නමුත් රොබෝවරුන් පිරිසක් ඔපීසි බෑගයක් අතින් ගෙන මොණරු පිටුපස දුවන ගමනේදී මොණර කොළයේ බලය වැඩිවී සාහිත්‍යය අවලංගු කාසියක් වී හමාරය.
දේශීය වෙදකම අත්බෙහෙත් පිළිබඳ ගැඹුරු දාර්ශනික ඉතිහාසයක් සාහිත්‍යයක් හිමි අපි පිටරටට ආවඩමින් ඖෂධ නැව් පිටින් වරායෙන් ගොඩට අදියි.
රජදවසද වසංගත දුර්භීක්ෂ පැමිණි ආකාර අපි සාහිත්‍යෙයන් ඉගෙන ගත්වාර අනන්තය අප්‍රමාණය. නමුත් කොරෝනාව වැනි වසංගතයකට මුහුණ දීමට තරම් දැන් ශ්‍රී ලංකාව ශක්තිමත් නොවන්නේ මන්ද? හෙළ වෙදකම ඖෂධ පසැකළා පිටරටට ආවඩන අපේ පරගැතියන් කළේ හිසරදයට කොට්ටය මාරු කිරීමක් නොවේ ද? වසංගතය වසන් කිරන්නට කටයුතු කිරීම තුළින් රටට හෝ ජනතාවට අත්වෙන සුභසෙත පිළිබඳ දෙවරක් සිතිය යුතුය.
සාහිත්‍යය තුළින් හික්මීම ඇති දමනය කරගත හැකි සිත් ඇති සංවේදී පිරිසක් බිහිකිරීම මීට වසර පහහයකට පෙර උත්සාහ දරා තිබුනේනම් කොරෝනාව අපට මහ කජ්ජක් නොවෙයි. ලාදුරු මැලේරියාව ජයගත්ත අපි කොරෝනාව සහජීවනයක් පැවති කාලෙක ආවානම් මෙලහකටත් රටින් පන්නා හමාරය. දැන් උදාවී ඇත්තේ අබුද්දස්ස කාලෙයි. තමාගේ සුභසෙත පමණක් සිතන ආත්මාර්ථකාමීත්වයේ අන්තයේ සිටින පිරිස් දැනටමත් බිහිවී හමාහර. අනෙකාගේ වත්තට ගිනි ඇවිලෙන දෙස බලා සිනා සී ගෙට වැදී දොර අඟුළු දා ගන්නා පිරිසට අමතක වෙන එක් කාරණයක් මම මතක් කිරීමට කැමැත්තෙමි. අල්ලපු වත්තේ ගින්න රටටම ගිණි තබා තමාගේ ගේ දොරකඩට පැමිණිවිට එය නිවා දැමීමට එකෙකු හෝ ඉතිරිව නැත. ඔබත් නිසැකවම ඒ ගින්නට මැදිව මියයනු ඇත.
සෙව්වන්දි ප්‍රේමතිලක
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

No comments:
Post a Comment