සාධු සාධු යැයි දොහොත් මුදුන් දී
බෝ මළුවේ සුව හදට දැනෙනවා
සෝ දුක් දුරු වී හද සැනසෙනවා
දෝරෙ ගලන මෙත් සුව ඉපිලෙනවා
කෝමළ සුළඟින් අතු සෙලවෙනවා
වෙනදා සුළඟට ඉපිලෙන බෝපත්
අද නෑ සතුටින් ඉපිලෙන පාටක්
ජර බර සද්දෙන් ඉපිලෙන තානෙන්
සිත චංචල වී යනවා සැනකින්
දල්ලක්වත් එන්නට ඉඩ පෑදී
දෙන්නේ නෑ අපේ උන්දැල පේවී
සාධු සාධු යැයි දොහොත් මුදුන් දී
කියනවා හයියෙන් අනෙකට යටවී
බෝ අතු පස් කා බිම ඇද වැටිලා
වැහි බිඳු බිම වැටිල අතු පෙඟිලා
දූවිලි මාලා අතු අග රැඳිලා
කොඩි වල පාටින් බෝ අතු පිරිලා

1 comment:
බෝ අත්තේ කොළ පාටක් පේන්න නැතුවා..
Post a Comment