Followers

Tuesday, April 20, 2021

පද වැල්

 


 සිටින් එතනෝ වහන් වී

සඳට තරු එළි මුකුළු කරමින් 
හිරුගේ කිරණට මුවා වී 
පිපෙන්න නාඹර තඹරු විකසිත
සුවඳ දී ගමපුරා ගී

 විහඟ නද මුසු ගංදෑල සුදු 
සේද ඉනවට ඔතාවී 
එතන එන්න විට අඳුර පරදා 
එළිය එහි රජ කරාවී

පැලේ හේනේ තනිව උන්නා
රටාවට සී පද ගොතන් 
මොනරු පිල් විහිදා රඟද්දී 
සැලුණු හදවත තෙත් කරන්න

 ගව මහිස කැළ කඩුළු බිඳලා 
දොරකඩට විත් නෙත්   බැලුම්ලා 
පාළු කැපුමට එන්න අහවි ද 
එපා එතනෝ දොර අරින්නට

 බැද්ද නපුරක් කරාවි 
නිහඬ වී නුඹ සිටිද්දි 
උන් හැරී ගොස් බලාවි 
නුඹ බලාවි සිතාවි

තදකරන් හිත පැලට රිංගා 
සිටින් එතනෝ වහන්වී...

                                                - සෙව්වන්දිප්‍රේමතිලක -

2 comments:

නෙත්මි යසෝරා said...

ගොහින් හනිකට වහන් වෙන්නෙමි
නොයමි මම නුඹ කෙරෙන් වහන්වී
♥️

පාසලෙන් ඔබ්බට said...

❤️❤️