පෙමට කොයින්ද සීමා
හුදකලාවේ බිතු අතර
තෙරපෙන්නට
ඉඩදෙන්න...
මෝදුවන සඳට
කොඳුරන්නට ඉඩදෙන්න...
සිහින් විහඟ සත්සරයට
මැදි වන්නට
ඉඩ දෙන්න...
මුහුදේ රළ අතර
සත්සර මුසුවී ඈත පෙන පිඩුවක් ව
ඈත අහසේ
වළාකුළු මත රටා මවන්නට
ඉඩදෙන්න...
පිපෙන පුෂ්පයන් මත
සුවඳ තවරන්නට...
ඉගිලෙන සමනලුන්ට
පැනි බොන්නට...
මල නොතලා මලේ සුවඳ විඳගන්නට
ලොවට ඉඩදෙන්න...
ඉතිං කොහෙද පෙමට බාධා....

No comments:
Post a Comment